Tickets from
Save the event and we tell you if the date, time or venue changes.
Description
Read more
රිදී රැයක් 2026 - 25 වන රිදී සැමරුම
වසර 25ක අභිමානය... එකම වේදිකාවක... අමතක නොවන රැයක!
ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ අභිමානවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිනෙස්ටාර් පදනම විසින් වසර 25ක් පුරා අඛණ්ඩව සංවිධානය කරගෙන එනු ලබන කලාකරුවන්ගේ සුබසාධනය අරමුණු කරගත් “රිදී රැයක්” ප්‍රසංග මාලාවේ 25 වන සංවත්සරික ප්‍රසංගය “රිදී රැයක් 25” මෙවර අති උත්කර්ෂවත් ලෙස ඔබ වෙත ගෙන එයි.
හෙළ සිනමාවේ පරම්පරා ගණනාවක් නියෝජනය කරන ප්‍රවීණ සහ ජනප්‍රිය කලා තරු රැසක් එකම වේදිකාවකදී හමුවන මෙම රාත්‍රිය, මනරම් නර්තන අංගයන්ගෙන්, මියුරු සංගීතයෙන්, විශිෂ්ට රංගන ඉදිරිපත් කිරීම්වලින් සහ අතිනවීන වේදිකා නිර්මාණයන්ගෙන් විචිත්‍රවත් වනු ඇත.
අතීතයේ සුන්දර සිනමා මතකයන් යළි අවදි කරමින්, වර්තමාන කලාත්මක නිර්මාණයන් සමඟින් එක්වන මෙම මහා කලා මංගල්‍යය, හෙළ සිනමාවේ අභිමානය එකම රාත්‍රියකදී අත්විඳීමට ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.
වසර 25ක මතකයන්... කලා තරු රැසකගේ එකතුව... අභිමානවත් සැමරුමක්!
EVENT DETAILS
Event: රිදී රැයක් 25
Date: Saturday, 19 December 2026
Time: 6.30 PM onwards
Venue: BMICH – Indoor Theatre, Colombo
Organised by: Cine Star Foundation
BE A PART OF THIS HISTORIC CELEBRATION!
හෙළ සිනමාවේ දීප්තිමත් තාරකාවන් එකම වේදිකාවකදී හමුවන මෙම අසිරිමත් රාත්‍රියට ඔබත් එක්වන්න.
ඔබේ ප්‍රවේශපත්‍රය අදම වෙන්කරවා ගන්න!
Additional insights
AI generatedAutomatic suggestions kept separate from the organizer's official information.
සිනෙස්ටාර් පදනම (Cine Star Foundation) විසින් වසර 25ක් පුරා කලාකරුවන්ගේ සුබසාධනය අරමුණු කරගෙන සංවිධානය කරන “රිදී රැයක්” ප්‍රසංග මාලාවේ 25 වන සංවත්සරික ප්‍රසංගය “රිදී රැයක් 25”. හෙළ සිනමාවේ ප්‍රවීණ සහ ජනප්‍රිය කලා තරු රැසක් එකම වේදිකාවක නර්තන, සංගීත සහ රංගන ඉදිරිපත් කිරීම් සමඟ. 2026 දෙසැම්බර් 19 සෙනසුරාදා, ප.ව. 6.30 සිට, BMICH – Indoor Theatre, කොළඹ.
Detected participants: Cine Star Foundation